(පද්මා කුමාරී කංකානම්ගේ )
දේශ සිමා නීති උල්ලංඝණය කරමින්,ශ්‍රී ලාංකීය මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහිත ධීවර යාත්‍රාවක් කල්පිටිය විජය නාවුක හමුදා මුර සංචාරක යාත්‍රාවක් මගින් අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි නාවුක හමුදාව පවසයි.
මෙම ඉන්දීය ධීවරයින් කල්පිටිය උච්චිමුණේ දූපතේ පිහිටි නාවුක හමුදා නිරෝධායාන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනය කෙරෙන බැව්, නාවුක හමුදා නිළධාරියෙකු පැවසුවේ ය.
ඉන්දීය ධීවරයින් කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් වීමට නියමිත ය.
ඉන් අනතුරුව නීතිමය කටයුතු සදහා කල්පිටිය පොලිසිය වෙත භාර දෙන බැව්,නාවුක හමුදාව පවස යි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd