
(ටෝනි කරුණානායක)
මරණ තර්ජනය කරමින් පුද්ගලයෙකුට වායු පිස්තෝලයකින් වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කොමාන්ඩෝ රෙජිමේන්තුවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකු අද (20) මිනුවන්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලික ආරවුලක් මත ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර කොමාන්ඩෝ සරත් නැමති ආරූඩ නාමයෙන් හදුන්වනු ලබන සැකකරු මිනුවන්ගොඩ එල්ලංගල ප්‍රදේශයේ දී ඉකුත් 18 වෙනිදා රාත්‍රි එම වෙඩි තැබීම සිදු කර ප්‍රදේශයෙන් පලා ගොස් තිබු බවත්, වැඩිදුරටත් විමර්ශන සිදු කර සැකකරු අත් අඩංගුවට ගත් බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව එම නිවසේ සඟවා තිබු දුම් බෝම්බ 01ක් , වායු පිස්තෝලයට යොදා ගන්නා ජීව උණ්ඩ 11 ක් සහ තියුණු කඩුවක් ද සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
සැකකරුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන මිනුවන්ගොඩ එල්ලංගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයා
ගෙන් සහ තවත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බව පැවසු මිනුවන්ගොඩ පොලිසිය, සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව කියයි.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රොහාන් මහේෂ් මහතා ගේ උපදෙස් මත වැඩ්දුරටත් විමර්ශන සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය වැඩ්දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුද්ගලයකුට වෙඩිතැබූ විශ්‍රාමික සෙසු නිලධාරියා දැළේ