රිය අනතුරින් තුවාල වූ කතට උපකාර කරන මුවාවෙන් අතවර කළ රියදුරු දැලේ ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත් වූ 23 හැවිරිදි තිදරු මවකට පිහිටවන මුවාවෙන් රැගෙන ගොස් කළුතර දකුණ කොලනිය ඇට විල පාර වෙල්යායක් අසලදී මන්නයක් එල්ල කර මරණීය තර්ජනය කරමින් ලිංගික අතවර කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු අද (28) අත්අඩංගුවට ගත් බව කළුතර-උතුරු පොලීසිය කියයි. 28 December 2020
නිධානයකින් ගත් බව කියා නිල් මැණික්-දියමන්ති විකුණන්න ගිය දෙදෙනකු අත්අඩංගුවට නිධානයකින් ගොඩගත්තෙ යැයි සැකකෙරෙන නිල් මැණිකක් සහ දියමන්ති හැත්තෑ පහක් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයකට විකිණීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු මැදවච්චිය යකාවැව ප්‍රදේශයේදී අද(28) සවස අත්අඩංගුවට ගැනීමට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීහු සමත් ව තිබේ. 28 December 2020
තේක්ක දැව ලොරියක් අත්අඩංගුවට බලන්ගොඩ මුල්ගම තෝරගල ප්‍රදේශයේ සිට බලන්ගොඩ නගරය දක්වා බල පත්‍ර නොමැති තේක්ක දැව කදන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ග්‍රාම නිළධාරින් සහ පොලිසිය එක්ව අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 December 2020
අනතුරින් යතුරුපැදිකරු මරුට ආවරණය නොකරන ලද ලොරියක තට්ටුවක් මත තබාගෙන ගිය බර ඔසවන යන්ත්‍රයක කොටසක් අද අලුයම (28) යතුරුපැදිකරුවෙකු ගේ ඇඟට වැටී එම යතුරුපැදිකරු මියගිය බව බුලත්සිංහල පොලිසිය කියයි 28 December 2020
විදුලිසැර වද්දා ඇතෙකු මරාදැමුවැයි අයෙක් අත්අඩංගුවට කිලිනොච්චිය කල්මඩුකුලම් ප්‍රදේශයේ සද්දන්ත ඇතෙකු විදුලිසැර වැදීම හේතුවෙන් මිය ගොස් සිටියදී සොයාගත් බවටත් ඇතාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර්යාලය පවසයි. 28 December 2020
පුවක් ගසකින් ඇද වැටී දෙදරු පියා මරුට බලන්ගොඩ පින්නවල ගුරැබැබිල ප්‍රදේශයේ පුද්ගලයකු පුවක් ගසකින් ඇද වැටී අද (27) මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 27 December 2020
අනවසරයෙන් මැණික් ගැරූ 6ක් අල්ලයි නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් බලපත්‍රයක් නොමැතිව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 6 දෙනෙක් අද (26) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය. 26 December 2020
ඔලු දෙකේ කැස්බෑ පැටවෙක් හික්කඩුව තිරාණගම වෙරළ තීරයේදී අද (26 ) ඔලු දෙකේ කැස්බෑ පැටවෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇත. 26 December 2020
දෙබර ප්‍රහාරයකින් 6ක් රෝහලේ දෙබර ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ පස්සර වැල්ගොල්ල ගම්මානයේ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු අද (25) කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයේ පසුවූ ඉන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවා ඇත. 25 December 2020
සිමෙන්ති ලොරිය ඇළට පෙරැළී රියදුරු මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කළු පාලම අසලදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අද(25) අලුයම ඇළකට පෙරළී එහි රියදුරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 25 December 2020
බීමතින් රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ හැපී මරුට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උඩුවරාගොඩදි දුම්රියක ගැටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්රියේ මේ පුද්ගලයා ගැටී ඇත්තේ ඊයේ (24 ) රාත්‍රීයේ බවද පොලීසිය කියයි. 25 December 2020
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අරී පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශයක් වන කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 6 බැගින් අද(24) රාත්‍රී 7ට පමණ විවෘත කළ බවත් එමගින් තප්පරයකට ජලය ඝණ අඩි 240ක් මුදා හැරෙන බවත් පුත්තලම වාර්මාර්ග කාර්යාලය පැවසීය. 24 December 2020
රාජාංගනය ජලාශයේ වාන්දොරටු 8ක් අරී රාජාංගනය ජලාශයේ ද අද (24) දහවල් වන විට වාන් දොරටු 8ක් විවෘත කර ඇති බව රාජාංගණය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි. 24 December 2020
නිවසක ගින්නකින් තිදරු මවක් මරුට හැටන් ආරියගම ප්‍රදේශයේ නිවසක කාමරයක හටගත් ගින්නකින් එම කාමරයේ සිටි තිදරු මවක් ගින්නෙන් පිලිස්සි ජීවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලිසිය කියයි. 24 December 2020
වල් අලි නිකවැරටියේ කුඹුරු වනසති නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ ,කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන වලට දිනපතා රාත්‍රියට කඩා වදින වල් අලි රංචුවක් බංඩි ගොයම සහිත කුඹුරු යායන් සියල්ල විනාශ කර දමා ඇත. 24 December 2020
මාතලේ මහනගර සභාවේ අය වැය සම්මතයි මාතලේ මහ නගර සභාවේ වැඩ බලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා විසින් 2021 වර්ෂය සදහා ඊයේ (24) මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදී ඉදිරිපත් කරන ලද අයවැය එකමතිකව සම්මත කෙරුණි. 24 December 2020
විදුලි රැහැනක පැටැලි පුද්ගලයෙක් මරුට මහකච්චකොඩිය ,අලුත්වත්ත ප්‍රදේශයේ හේනක් තුළ අනාරක්ෂිත විදුලිරැහැනක පැටලී සිවිල් ආරක්ෂක භටයකු අද (24) ජීවිතක්ෂයටපත්ව ඇතැයි මාමඩුව පොලිසිය කියයි. 24 December 2020
රත්ගම අයවැය සම්මතයි රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද (24 ) ඒකඡන්දයෙන් සභා සම්මත විය . 24 December 2020
ගංවතුරින් මඩකලපුවේ 35,642දෙනෙක් පීඩාවට මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපයක් තිස්සේ ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් පවුල් 10,716ක පුද්ගලයන් 35,642 පීඩාවට පත්ව ඇති බව මඩකලපුව දිස්ත්‍රික්කයේ දිසාපති කේ. කරුණාකරන් මහතා පැවසීය. 24 December 2020
යාපනයේ රක්ෂිතයක ගස් කැපූ 13 දෙනකු අත්අඩංගුවට යාපනය වඩමාරච්චි නැගෙනහිර මනල්කාඩු රක්ෂිත ප්‍රදේශයේ ඉඩම් වලින් ගස් කැපූ 13 දෙනෙකු වාහන 3 ක් ද සමඟ අත්අඩංගුවට ගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි. 23 December 2020
අයවැය ලේඛනය යළි සභාගත කරන්න ආණ්ඩුකාරවරයා නියෝග කරයි තංගල්ල නගර සභාවේ අයවැය ලේඛනය නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයා වෙත දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින් නියෝග කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි. 23 December 2020
පාර්ලිමේන්තු පොලිස් නිලධාරීයා රිය අනතුරකින් මරුට බාදුරාගොඩ වේයන්ගොඩ මාර්ගයේ ඉලුක්හහේන හන්දියේ අද ( 23) අලුයම සිදුවු රිය අනතුරකින් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයට අනුයුක්ත නිලධාරී යකු මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 23 December 2020
කටුපත මහවැවත් වාන් දමයි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් විශාලතම වැව වූ කටුපත මහවැව පසුගිය දිනවල ඇදහැලූනු ධාරානිපාත වැසි හේතුවෙන් වාන්දමමින් පවති. 23 December 2020
මී ඔය වසනමින් වැලි කණින්නන්ගේ බලපත්‍ර නවතන්නැයි දන්වයි මී ඔය වනසමින් හා පරිසරය විනාශ කර සිදුකල වැලි කැණීම් සදහා ලබා දී තිබු බලපත්‍ර නවතා දමන ලෙසට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා භූ විද්‍යා හා පතල් කාර්යාංශයට දැනුම් දී තිබේ. 23 December 2020
කලා වැව වාන් දොරටු අඩි 01 බැගින් විවෘත කරයි පවතින වර්ෂාපතනයත් සමග කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 01 ක බැගින් විවෘත කළ බව කලාවැව කාර්යබාර ඉංජිනේරු කාර්යාලය පවසයි. 22 December 2020
ඌරන්ට ඇටවූ විදුලි රැහැනෙන් විදුලිය වැදි අයෙක් මරුට වදුරඹ, ඉහලකිබිය, කොස්ගහහේන යන ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියකු ඌරන් මැරීමට ඇටවූ විදුලි රැහැන් ගැලවීමට යාමේදී විදුලි සැර වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 22 December 2020
අම්බලන්ගොඩ ප්‍රා සභාවේ කලබලයක් අය වැයට ඡන්ද විමසීමක් අවශ්‍ය යයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලද්දී සභාපති අරුණ ප්‍රදීප් මහතා විසින් ඡන්ද විමසීමක් නොදී සභාවේ වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගැනීමත් සමග අද (22) පැවති අම්බලන්ගොඩ මාසික සභා රැස්වීම දැඩි උණුසුම් විය. 22 December 2020
පස්කන්දක් නිවසට කඩා වැටී පුද්ගලයෙක් මරුට ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ 27 සැතපුම් කණුව ඉදිරිපිට පස්කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් නිවසේ සිටි එක් අයෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 22 December 2020
දෙවලපොල තැපැල්කාර්යාලයේ ගින්නක් මිනුවන්ගොඩ දෙවලපොල මංසන්ධියේ ඇති තැපැල් කාර්‍ය්ලයට කිසියම් අයෙකු හෝ පිරිසක් විසින් ගිනි තබා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 22 December 2020
වැස්සෙන් දඹුල්ලේ විහාරස්ථානයක සංඝාවාසය නාය යයි දඹුල්ලලේ නව කිබිස්ස ප්‍රදේශයේ ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානයේ ඉදිරිපස බැම්ම හා සංඝාවාසය අද(22) නායයෑම හේතුවෙන් පහල පිහිටි ප්‍රජා ශාලා ගොඩනැගිල්ලක් යටවී පන්සලේ බැම්ම සම්පුර්ණයෙන්ම කඩා වැටී ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති. 22 December 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025