(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ ,කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන වලට දිනපතා රාත්‍රියට කඩා වදින වල් අලි රංචුවක් බංඩි ගොයම සහිත කුඹුරු යායන් සියල්ල විනාශ කර දමා ඇත.
වල් අලි පැල ගොයම මෙලෙස වැනසුවා නම් සුලු හෝ අස්වැන්නක් ලබා ගතහැකි වුවද ,බංඩි ගොයම.පාගා විනාශ කල පසුව අස්වනු අහිමි වන බවද,ඒ අනුව තමන්ට ආර්ථික ගැටලු වලට මුහුණ දීමට සිදුව ඇති බවද , ගොවීහූ කියති.
කොටවෙහෙර ,සිරිසෙතගම ,නාලගමුව ,දොඩංගොල්ලේගම ඇතුලු ගම්මාන රැසක කුඹුරු යායන් සෑම දිනකම රාත්‍රියේ වල් අලි කඩා වැදී බංඩි ගොයම වනසන බවද , ගම්මු පැවසීය.
වල්අලි ගැටලුවට ස්තිර විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවද ,ඉඟිණිමිටිය රක්ෂිතයට කොටුකර සිටි වල් විදුලිය වැට බිඳගෙන සහ විදුලිය වැටට උඩින් පැන මෙලෙස ගම් වැදී ඇති බවද ,ඉන් තමන් මහත් පීඩාවට පත්ව ඇති බවද ජනතාව අවධාරණය කලහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වල් අලි නිකවැරටියේ කුඹුරු වනසති