IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලි රැහැනක පැටැලි පුද්ගලයෙක් මරුට

(සිතුම් චතුරංග)
           

මහකච්චකොඩිය ,අලුත්වත්ත  ප්‍රදේශයේ හේනක් තුළ අනාරක්ෂිත විදුලිරැහැනක පැටලී සිවිල් ආරක්ෂක භටයකු අද (24) ජීවිතක්ෂයටපත්ව ඇතැයි මාමඩුව පොලිසිය කියයි. 
           

සතුන් දඩයම් කිරීම සඳහා ඇඳතිබූ විදුලි රැහැනක පැටලී සිවිල් ආරක්ෂක සෙබලා ජීවිතක්ෂයටපත්ව ඇතැයි පොලිසිය පැවසීය.
           

එලෙස ජීවිතක්ෂයටපත් ඇත්තේ වවුනියාව මහකච්චකොඩිය පදිංචිව සිටිහේමපාලගේ අචින්ත දිසානායක (34) නැමති වවුනියාව සිවිල් ආරක්ෂක කඳවුරට අනුයුක්තව සේවය කළ තිදරු පියෙකි.
           

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ අලුත්වත්ත පිහිටි හේනට වන සතුන් පැන්නීම සඳහා මියගිය සිවිල් ආරක්ෂක භටයා ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
           

සිවිල් ආරක්ෂක සෙබලාගේ බිරිඳ විසින් සිය සැමියා උදෑසන නොපැමිණීම හේතුවෙන් සොයාබැලීමකදී සිරුර සොයාගෙන තිබේ.
           

පොලිසිය පැවසූයේ අනාරක්ෂිත විදුලි රැහැන් ඇඳ තිබුණේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් එ පිළිබඳ විමර්ශන සිදුකරන බවත්ය.



අදහස් (0)

විදුලි රැහැනක පැටැලි පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site