(ටෝනි කරුණානායක )
මිනුවන්ගොඩ දෙවලපොල මංසන්ධියේ ඇති තැපැල් කාර්‍ය්ලයට කිසියම් අයෙකු හෝ පිරිසක් විසින් ගිනි තබා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලේ පිටුපස ජනේලයක් කඩා ඇතුළු වී එම ගිනි තැබීම සිදු කර ඇති බවත් තැපැල් කාර්යාලය තුලින් දුම් පිටවන බවට අද (22)අලුයම අසල්වැසි යෙකු මිනුවන්ගොඩ පොලිසියට කල දැනුම් දීම මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රයක් දරා එම ගින්න නිවා දැමීමට කටයුතු කල බව පොලිසිය පැවසීය .
ගින්නෙන් තැපැල් කාර්‍ය්ල ගොඩනැගිල්ලකට දැඩි හානියක් සිදු වීනොමැති බවද ලිපි ලේඛන ,තරාදියක් ,ප්‍රින්ටරය ,විදුලි පංකා ඇතුළු තවත් දේපොළවලට හානි හානි සිදු වී ඇති බව පරික්ෂණ සිදු කරන නිලධාරීහූ පැවසුහ තැපැල් කාර්‍ය්ලය තුල ඇති මේස ලාච්චුවල ඇති සියලු දේ එලියට ඇද දමා ඇත්තේ මුදල් සෙවීමේ අරමුණ ඇතුව බවට පොලිස් පරික්ෂණයේදි අනාවරණය වී ඇතත් මුදල් සේප්පුවටහානියක් සිදු කර නොමැති බවද පොලිසිය වැඩ්දුරටත් සදහන් කලේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd