(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බාදුරාගොඩ වේයන්ගොඩ මාර්ගයේ ඉලුක්හහේන හන්දියේ අද ( 23) අලුයම සිදුවු රිය අනතුරකින් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයට අනුයුක්ත නිලධාරී යකු මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බාදුරාගොඩ පහල මඩිතියවල පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 91458 කේ.එම්.සජිත් පුෂ්පකුමාර 24 නැමැත්තෙකි .
පොලිස් කොස්තාපල් වරයා ගමන්ගත් යතුරුපැදිය මැදගම්පිටිය දෙසින් ආ ලොරියක ගැටී ඇතැයිද බරපතල තුවාල සහිතව වතුපිටිවල මුලික රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මරණ පරීක්ෂණය අද ( 23) සවස පැවැත්වීමට නියමිතව තිබිණි.
ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ පැවැත්වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd