IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මී ඔය වසනමින් වැලි කණින්නන්ගේ බලපත්‍ර නවතන්නැයි දන්වයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මී ඔය වනසමින් හා පරිසරය විනාශ කර සිදුකල වැලි කැණීම් සදහා ලබා දී තිබු බලපත්‍ර නවතා දමන ලෙසට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා භූ විද්‍යා හා පතල් කාර්යාංශයට දැනුම් දී තිබේ.
 
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වට්ටලන්ඩල් ප්‍රදේශයේ මී ඔය තුල වසර ගණනාවක සිට සිදුකරන බලපත්‍ර සහිත වැලි කැණිම් හා නීති විරෝධි වැලි කැණිම්  හේතුවෙන් දැවැන්ත පාරිසරික හානියක් මී ඔයට සිදුවීම හා ගම්මාන මැදින් මාර්ග පද්ධති වනසමින් සිදුකරන වැලි ජාවාරම නිසා ප්‍රාදේශීය ලේකම් වරයා මෙම තීරණයට පැමිණ ඇති බව කියයි.
 
අදාල සීමාවේ වැලි කැණිම් හේතුවෙන් මී ඔය තුල තිබු දැවැන්ත කුඹුක් ගස් ඉදිරි වැටී ඇති අතර ඒ මී ඔය අඩි 30 කට වඩා ගැඹුරු වී ඇති බව පරිසරවේදීහු පවසති.
 
මී ඔය පරිසර විනාශය වාර්තා කිරීමට ගිය අවස්ථාවේ බලපත්‍ර ලාභි වැලි කැණීම්කරුවන් හා නීති විරෝධි ලෙස වැලි කැණිම් කරනු ලබන පිරිස් අතර බහින් බස්වීමක් පවා සිදු වු අතර එය ගැටුම් කාරි තත්වයට ආසන්න විය.කෙසේ නමුත් මෙම පාර්ශව දෙකම නියෝජනය නොකරන ගම්වාසින් පවසන්නේ වැලි ජාවාරම් කරුවන් නිසා මී ඔය පමණක් නොව තම සිමාවක් නොමැතිව සිදුවන වැලි ජාවාරම නිසා මාර්ග පද්ධතිය සම්පුර්ණයෙන් වනසා දමා ඇති බවයි.
 
බලපත්‍රලාභින්ට වැලි කැණීම් සදහා එක් පාරුවක් සදහා අවසර දී ඇති නමුත් සෑම මංකඩකම පාර දෙකක් හෝ තුනක් තිබෙන අයුරු දැක ගත හැකි විනි. මෙම කැණීම් කරුවන්ට මාසකට වැලි කියුබ් 21 ක් සදහා ප්‍රවාහනයට අවසර ලබා දී ඇති නමුත් එක් බලපත්‍ර ලාභියකු කියුබ් 100 වැඩි සංඛ්‍යාවක් ප්‍රවාහනය කරන බවත් නීති විරෝධි වැලි ජාවාරම් කරුවන්ද මෙයට වඩා රහසේ ප්‍රවාහනය කරන බවත් වාර්තා වේ.
 
කෙසේ නමුත් වැලි බලපත්‍රලාභි පිරිස් හා නීති විරෝධි වැලි ජාවාරම්කරුවන් මාධ්‍යට පවසා සිටියේ වනාතවිල්ලුවේ ඉහල නිලධාරින්ට තමන් අධික මුදලක් ලබා දෙමින් වැලි ඇදිම සිදුකරන බවයි. අවට ගම්වාසින් පවසන්නේ පොලිසියට හා අනිකුත් ආයතන මෙම වැලි කැණීම් පිළිබදව කිසිදු සොයා බැලිමක් සිදු නොකර දිගින් දිගටම බලපත්‍ර ලබා දීම නිසා මෙම විනාශය සිදුව ඇති බවයි.



අදහස් (0)

මී ඔය වසනමින් වැලි කණින්නන්ගේ බලපත්‍ර නවතන්නැයි දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site