
(පැතුම් දර්ශන)
නිධානයකින් ගොඩගත්තෙ යැයි සැකකෙරෙන නිල් මැණිකක් සහ දියමන්ති හැත්තෑ පහක් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයකට විකිණීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු මැදවච්චිය යකාවැව ප්‍රදේශයේදී අද (28) සවස අත්අඩංගුවට ගැනීමට කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීහු සමත් ව තිබේ.
විශේෂ කාර්ය බලකා බුද්ධි නිළධාරීන්ට ලැබුන තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය යකාවැව ප්‍රදේශයේම පදිංචි තිස් අට(38) සහ හතලිස් පස්(45) වියැති පුද්ගලයන් දෙදෙනෙකි.
නිධානයකින් ගත් බව කියමින් නිල් මැණිකක් සහ දියමන්ති 75 පුද්ගලයන් දෙදෙනකු විසින් විකිණීමට උත්සාහ කරන බව විශේෂ කාර්යය බලකා බුද්ධි නිලධාරීන්ට සතියකට පමණ පෙර තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව කැබිතිගොල්ලෑව විශේෂ කාර්ය බලකා කඳවුරේ බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු මැණික් ව්‍යාපාරිකයන් ලෙස වෙස් වලාගෙන සැකකරුවන් හමුවීමට ගොස් තිබේ.
ඒ අනුව මැණික් වෙළෙන්දන් ලෙස වෙස්වලාගත් බුද්ධි නිලධාරීන්ට සැකකරුවන් නිල් මැණික සහ දියමන්ති 75 පෙන්වා දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක මිලක් නියම කර තිබිණි. එහිදී සිය අනන්‍යතාව තහවුරු කල නිලධාරීන් සැකකරුවන් අදාල භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුට ගත් සැකකරුවන් මේ වන විට මැදවච්චිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔවුන් හෙට(29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
689
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධානයකින් ගත් බව කියා නිල් මැණික්-දියමන්ති විකුණන්න ගිය දෙදෙනකු අත්අඩංගුවට