IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිමෙන්ති ලොරිය ඇළට පෙරැළී රියදුරු මරුට


(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කළු පාලම අසලදී  සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අද(25) අලුයම ඇළකට පෙරළී එහි රියදුරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
 
දඹුල්ල දෙසින් කොළඹ දෙසට මෙම ලොරි රථය ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන කළු පාලමේ බැම්ම  ඇදීගොස් සිමෙන්ති සමගම ලොරි රථය ඇළට පෙරළී තිබූ බව පොලිසිය කියයි. පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පැය 4ක පමණ මෙහෙයුමකින් පසුව රථය ගොඩගත් බව පොලිසිය කියයි.
 
ලොරි රථය පැදවූ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරමින්  ලොරි රථයෙන් එළියට ගන්නා විටත් මිය ගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.මියගොස් ඇත්තේ  ජි .ආර්. චන්ද්‍රරත්න බණ්ඩාර නැමැති අයෙකු බව හඳුනාගෙන තිබේ.මියගිය පුද්ගලයා මානියංගම අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවද පොලිසිය සඳහන් කළේය.
 
අනතුරට හේතුව රියදුරුට නින්ද යෑම හෝ රථය පාලනය කර ගැනීමට නොහැකි වීම විය හැකි යැයි පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.



අදහස් (0)

සිමෙන්ති ලොරිය ඇළට පෙරැළී රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site