(එම් .සුසිල් ප්‍රියන්ත)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උඩුවරාගොඩදි දුම්රියක ගැටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ගමන් ගත් රාත්‍රී තැපැල් දුම්‍රියේ මේ පුද්ගලයා ගැටී ඇත්තේ ඊයේ (24 ) රාත්‍රීයේ බවද පොලීසිය කියයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අම්බලන්ගොඩ කහව උඩුවරාගොඩ පදිංචි 52 හැවිරිදි නීල් ශාන්ත නමැත්තෙක් බවද පොලීසිය කියයි.
නිවස ආසන්නයේ ඇති දුම්‍රිය මාර්ගයේ වාඩිවී ඔහු මත් පැන් පානය කර ඇති බවත් ඔහුට දුම්‍රිය මාර්ගයේම නින්ද ගොස් ඇති බවත් මූලික පරීක්ෂණයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධ මරණ පරීක්ෂණය අද (25 ) බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බීමතින් රේල් පාරේ නිදා සිටි අයෙක් දුම්රියේ හැපී මරුට