
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත් වූ 23 හැවිරිදි තිදරු මවකට පිහිටවන මුවාවෙන් රැගෙන ගොස් කළුතර දකුණ කොලනිය ඇට විල පාර වෙල්යායක් අසලදී මන්නයක් එල්ල කර මරණීය තර්ජනය කරමින් ලිංගික අතවර කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු අද (28) අත්අඩංගුවට ගත් බව කළුතර-උතුරු පොලීසිය කියයි.
එම කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන එක් දරු පියෙකි.
වාද්දුව ප්‍රදේශයේ ආයතනයක සේවය කරන මෙම කාන්තාව ඊයේ (27) රාත්‍රී සේවය නිමවා ත්‍රිරෝද රථයකින් කළුතර උතුර නාගස් හංදිය වෙත පැමිණි එම ත්‍රිරෝද රථයෙන් බැස ඇතැයි ද, අනතුරුව නිවස කරා පාගමනින් යමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටී බිම වැටී තුවාල සිදුවී ඇතැයිද පොලිසිය කියයි. එම ත්‍රිරෝද රථය අනතුරින් පසු පලා ගොස් ඇති අතර බිම වැටී සිටි එම කාන්තාව අසල තිබූ තාප්පයක වාරුවෙන් අමාරුවෙන් නැගිටින අයුරු දුටු යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙක් එම ස්ථානයේ නවතා ඇයට රෝහල්ගත වන ලෙස දැනුම් දී තිබු බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී අසළ වෙළඳ සැලක් ඉදිරිපිට සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු වහා ඉදිරිපත් වී ඇය නාගස් හංදිය ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් සාප්පුවක් වෙත රැගෙන ගොස් ඇති අතර ඇය පරීක්ෂා කළ එහි වෛද්‍යවරයා එයට නාගොඩ රෝහලට ඇතුලත් වන ලෙස උපදෙස් ලබා දී ඇත. ත්‍රිරෝද රථ රියැදුරු ඇයව නාගොඩ රෝහල කරා රැගෙන ගොස් ඇති අතර බාහිර රෝගී අංශය වෙත යොමු කළ ඇයට රෝහලට ඇතුළත් වෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.නිවසේ කුඩා දරුවන් සිටින හෙයින් ඇය එයට අකමැත්ත ප්‍රකාශ කර,ත්‍රිරෝද රථ රියදුරාට පවසා ඇත්තේ නිවසට ඇරලවන ලෙස ය.ඒ අතරතුර එම කාන්තාව ස්වාමි පුරුෂයාට මේ බව දන්වා කළුතර ප්‍රදේශයේ පාසලක් අසලට පැමිණ සිටින ලෙසත් රෝහලින් පිට වී ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණෙන බවත් දැනුම් දී ඇත.
රෝහලින් පිට වූ ත්‍රිරෝද රථය සැමියා සිටින දෙසට නොව වෙනත් දිශාවකට ගමන් කරන අයුරු දුටු එම කාන්තාව ඒ පිළිබඳ රියැදුරුගෙන් විමසීමේදි ඇගේ ජංගම දුරකථනය ඉල්ලාගත් සැකකාර රියදුරු ඇයගේ සැමියාට කතාකර එම ස්ථානයට වී සිටින ලෙස දැනුම් දී ඇත. කාන්තාවගේ සැමියා ඉන්න ස්ථානයට ඉතාම ළඟ බව පවසා පැයකට අධික කාලයක් අතුරු මාර්ග ඔස්සේ ගමන් ගත් මෙම සැකකාර ත්‍රිරෝද රථ රියදුරු කළුතර දකුණ කොළණිය ඇට විල පාර පාළු වෙල්යායක් අසල ත්‍රිරෝද රථය නවතා මන්නයක් අතට ගෙන ඇය දෙසට එල්ල කර මරණය තර්ජන එල්ල කර අතවර කර තිබේ. අනතුරුව එම කාන්තාව එම ස්ථානයේ දමා ඇයගේ ජංගම දුරකථනය ද රැගෙන සැකකරු ත්‍රිරෝද රථය ගෙන අඳුරේම පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
කාන්තාව වෙළෙඳ සැලක් අසලට ගොස් එහි සිටි කාන්තාවකට ඇයට සිදු වූ අනපේක්ෂිත කරදරය පැවසීමෙන් අනතුරුව එම කාන්තාව විසින් අතවරයට පත් කාන්තාවගේ සැමියාට ඒ බව දන්වා ඔහු එම ස්ථානයට ගෙන්වාගෙන එම ඇය බාරදී ඇතැයි පොලිස් නිලධාරිනියක් පැවසුවාය.සැමියා සමඟ කළුතර දකුණ පොලිසිය වෙත පැමිණි එම කාන්තාව ඇයට වූ අතවරය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහල කරා ඇතුළත් වූ බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර-උතුරු පොලීසියේ නිලධාරීන් විශේෂ පැමිණිල්ලක් සේ සලකා පැය කිහිපයක් තුළදී සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
742
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරින් තුවාල වූ කතට උපකාර කරන මුවාවෙන් අතවර කළ රියදුරු දැලේ
ගාමිණී Wednesday, 30 December 2020 03:50 AM
මෙම මවට කළ අකටයුත්තට උපරිම දඬුවම් ලබා දෙන්න. මිනිසුන් ලෙසින් ජීවත්වන තිරිසන් මිනිසෙක්