( කාංචන කුමාර ආරියදාස)
දඹුල්ලලේ නව කිබිස්ස ප්‍රදේශයේ ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානයේ ඉදිරිපස බැම්ම හා සංඝාවාසය අද(22) නායයෑම හේතුවෙන් පහල පිහිටි ප්‍රජා ශාලා ගොඩනැගිල්ලක් යටවී පන්සලේ බැම්ම සම්පුර්ණයෙන්ම කඩා වැටී ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.
දඹුල්ල ප්‍රදේශයට දින තුනක පමණ කාලයක සිට එක දිගට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙය සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ශ්‍රී ශෛලබිම්බාරාම විහාරය සංඝාවාස ගොඩනැගිල්ල ද මේ වනවිට කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබෙන බවත් එමෙන්ම එම විහාරස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේ ද දැඩි අවදානමකට ලක්ව පවතී .
අද (22 ) උදෑසන එම ස්ථානයට අප ගමන් කරන විටත් පන්සල් ගොඩනැගිල්ල පිහිටි කන්ද ජලය සමඟ කෙමෙන් කෙමෙන් දියවී ගරා යන අයුරු දැක ගැනීමට හැකි විය.
එමෙන්ම වීහාරස්ථානය පහළ පිහිටා තිබූ ප්‍රජා ශාලා ගොඩනැගිල්ල මත මෙම ආරක්ෂිත බැම්ම කඩා වැටීම හේතුවෙන් එම ගොඩනැගිල්ලට ද බරපතළ හානි සිදු වී එහි ගබඩා කර තිබූ පුටු ආදී ගෘහ භාණ්ඩ රැසක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
විහාරාධිපති මයියංගණයේ ධම්මසිරි හිමියන් කියා සිටියේ අද තමන් වහන්සේ ආවාස ගෙයි සැතපී සිටිය දී එකවරම විශාල ශබ්දයක් ලැබුණු බවය එළියට වැඩම කොට බලන විට සම්පූර්ණයෙන්ම බැම්ම සහිත ප්‍රදේශය නාය ගොස් තමන් වැඩසිටි සංඝාවාසය ද කඩා වැටීමට ලක් වෙමින් පවතින බව දුටු බව උන්වහන්සේ පැවසූහ.
මාතලේ දිස්ත්‍රික් ආපදා නිලධාරියකු කියා සිටියේ මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමුකර ස්වාමීන් වහන්සේ ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බව ය .එමෙන් ම මෙම සිද්ධිය තවදුරටත් බැම්ම නාය යන දෙස බලා සිටි විහාරාධිපති හිමියෝ දැඩි කම්පනයට පත්ව දායක සභාවෙන් කණ්ඩායමක් උන්වහන්සේ වෙනම ස්ථානයකට රැගෙන යෑමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වැස්සෙන් දඹුල්ලේ විහාරස්ථානයක සංඝාවාසය නාය යයි