IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනවසරයෙන් මැණික් ගැරූ 6ක් අල්ලයි

 
(රංජිත් රාජපක්ෂ)

නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් බලපත්‍රයක් නොමැතිව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 6 දෙනෙක් අද (26) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ තෙරේසියා වත්ත ප්‍රදේශයෙන් සැකකරුවන් විශාල වලවල් හාරා විදුලියෙන් ක්‍රියාකරන වතු ඉසින යන්ත්‍ර උපයොගි කරගෙන අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරමේ නිරතව සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සැකකරුවන් අනවසරෙන් මැණික් ගැරු ස්ථානයට යාබදව පිහිටි වතු නිවාස පේලියක සිට ඉතා සුක්ෂම ලෙස වයර යොදාගෙන විදුලි බලයද ලබාගෙන මැණික් ගැරිම සිදුකරමින් සිටි බවත් , සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව තෙරේසියා වත්තේම පදිංචිකරුවන් බවත් , සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරි බවත් ,සැකකරුවන්ට එරෙහිව නිරෝධායන නිතිවලට පටහැනිව කටයුතු කිරිම සදහ

බලපත්‍රයක් නොමැතිව මැණික් ගැරිම යන චෝදනා යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

අනවසරයෙන් මැණික් ගැරූ 6ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site