IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනතුරින් යතුරුපැදිකරු මරුට


 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                                 
ආවරණය  නොකරන ලද ලොරියක තට්ටුවක් මත  තබාගෙන ගිය බර ඔසවන යන්ත්‍රයක කොටසක්  අද  අලුයම   (28) යතුරුපැදිකරුවෙකු ගේ ඇඟට වැටී   එම  යතුරුපැදිකරු  මියගිය බව බුලත්සිංහල පොලිසිය කියයි 
                 
අනතුරින්  මියගොස් ඇත්තේ  බුලත්සිංහල අතුර, ගුරු ගම්මාන ප්‍රදේශයේ පදිංචිව සිටි  රංඡිත් නිසාන්ත (43) නම් පුද්ගලයෙකි.
                     
ලොරිය අගල වත්ත දෙස සිට බුලත්සිංහල දෙසට බර ඔසවන යන්ත්‍රයක කොටස පිටුපස  ලොරි තට්ටුව මත ගැටගසාගෙන ධාවනය  කරමින්  සිටියදී  බුලත්සිංහල නගරයට ආසන්න කිලෝමීටර් 37   කණුව අසල වංගු සහිත ස්ථානයේදී   ලොරියෙ තට්ටුව  මත තිබූ බර ඔසවන  යන්ත්‍රයේ කොටස  බුලත්සිංහල දෙස සිට අගල වත්ත දෙසට  යතුරු පැදිය ධාවනය කළ  මියගිය පුද්ගලයාගේ ඇඟ මතට  වැටීමෙන්  මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි 
                 
අනතුරක් සිදුවීමත් සමගම  බරපතළ තුවාල ලද  යතුරුපැදිකරු  උඹලා සිංහල  රෝහලට රැගෙන යාමේදී  මියගොස් ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය 
                 
මෙම අනතුර සිදුවී ඇත්තේ  ලොරි රියදුරු අනතුරුදායක  හා අපරික්ෂාකාරී ලෙස  බර ඔසවන  යන්ත්‍රයෙ කොටස  ලොරි තට්ටුව මත  තබාගෙන ධාවනය කිරීමේදී බව  සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. 
                 
ලොරි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 



අදහස් (0)

අනතුරින් යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site