
(චන්ද්‍රසිරි ගුණසේකර)
පිටිගල දික්හේන ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් 74 හැවිරිදි කාන්තාවක් ඊයේ (16) රාත්‍රී මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා සිටි යතුරු පැදි කරුද ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගය අසල නිවසක පදිංචි මෙම කාන්තාව එම මාර්ගය හරහා පාර මාරුවෙමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇති බවද පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි කාන්තාව රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd