IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉරණමඩු වැව පිටාර ගැලීමෙන් අවදානම් මාර්ග සඳහා වැලිකොට්ට යොදයි

 ( සිතුම් චතුරංග)

       

කිලිනොච්චිය කනගාම්භිකුලම් හා ඉරණමඩු වැව පිටාර ගැලීම හේතුවෙන් කැඩීයාමේ අවදානමට ලක්ව තිබෙන මාර්ග වැලිකොට්ට යොදා ආරක්ෂා කිරීමේ කටයුතු කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් අද (31) ආරම්භ කළේය.

         

කිලිනොච්චිය , පරන්තන් මාර්ගයේ උමයාලපුරම් , වීනාවකොඩ්ඩෙයි ප්‍රදේශයේ පිටාර  ජලය අළුතින් ඉදිකළ කොන්ක්‍රිට් මාර්ගය මතින් ගලායෑම හේතුවෙන් කැඩීයාමේ අවදානමට ලක්ව තිබූ අතර යුද හමුදා සෙබලුන් වැලිකොට්ට යොදා ආරක්ෂා කිරීමේ කටයුතුවල නිරත වුහ.

දිස්ත්‍රික්කයට  බලපා ඇති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් වැව් පිටාර මට්ටමට පැමිණ ඇති අතර එහි එකතුවන ජලය එලෙස ගලායාම සිදුවන බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

       

එලෙස මාර්ග කැඩීයාමෙන් ප්‍රධාන ගම්මාන රැසක ගමනා ගමනය ඇණහිටිමේ අවදානම හේතුවෙන් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස වැලිකොට්ට යොදා මාර්ග ආරක්ෂා කිරීම සිදුකරන බවත් ආපදා කළමනාකරණ නිලධාරීහු වැඩිදුරටත් පැවසීය.

       

කන්දාවලෙයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකයේ අධීක්ෂණය යටතේ යුද හමුදා සෙබලුන් මාර්ග සඳහා වැලිකොට්ට යෙදීමට එක්ව සිටියහ.


 



අදහස් (0)

ඉරණමඩු වැව පිටාර ගැලීමෙන් අවදානම් මාර්ග සඳහා වැලිකොට්ට යොදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11023 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1040 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site