IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාතලේට නව නගරාධිපති වරයෙක්

 

(මාතලේ මහේෂ් කිර්තිරත්න)

මාතලේ මහ නගර සභාවේ පුරප්පාඩු වි තිබු  නගරාධිපති ධුරය සදහා  උප  නගරාධිපති  ලෙස කටයුතු කළ (එ.ජ.නි.ස) සන්දනම් ප්‍රකාශ් මහතා  අද (6)  තේරි පත් විය.

එහිදි  සන්දනම් ප්‍රකාශ් මහතා ඡන්ද 10ක් ලබා ගත් අතර පාලිත ජයසේකර මහතා ඡන්ද 09ක් ලබා ගත්හ.

මාතලේ මහ නගර සභවේ නගරාධිපති තෝරා පත් කර ගැනිම සදහා මධ්‍යම පළාත් පාලන දෙපාර්තමෙන්තුවේ පළාත් පාලන කොමසාරිස් එම්.එම්.යු බි හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06)දා මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදි  ඡන්ද විමසිම පැවැත්විණි.

නගරාධිපති ධුරය සදහා නම් යෝජනා කරන ලෙස සභාවට දැන්වු අවස්ථාවේදි නව නගරාධිපති ධුරය සදහා වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි  ටි.ඇස් මොහන් මහතා යෝජනා කළ අතර එකමුතු ප්‍රගතිශිලා සන්ධානයේ මන්ත්‍රි අයියාවු මාණික්කම් මහතා ස්ථිර කළ අතර සහ නාගරික මන්ත්‍රි පාලිත ජයසේකර මහතාගේ නම මන්ත්‍රි ජයරත්න ලියනගොඩ සහ මන්ත්‍රි තුෂාර ප්‍රනාන්දු මහත්වරුන්ගේ යෝජනා ස්ථිර කළ යෝජනා වු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි අනාස් රියාල් මහතාගේ නම මන්ත්‍රි  කේ.ජි.ආර්.එම්  සෆරුල්ලා මහතා යෝජනා කළ අතර මන්ත්‍රි එම්.සෆරුල්ලා  මහතා ස්ථිර කළ අතර අනාස් රියාල් මහතා විසින් එම නම ඉල්ලා අස්කර ගත්හ.

ඉන්පසුව පාලිත ජයසේකර මහතා සහ සන්දනම් ප්‍රකාශ් මහත්වරුන් නගරාධිපති ධුරය සදහා ඡන්ද විමසිම පැවැත්විණ.

පසුව ඡන්ද විමසිම රහස් ද විවෘත ඡන්ද විමසිමක්ද  යන්න සභාවෙන් විමසු අතර විවෘත ඡන්දය සදහා මන්ත්‍රි ජයරත්න ලියනගොඩ සහ මන්ත්‍රි තුෂාර ප්‍රනාන්දු මහත්වරුන්ගේ යෝජනා ස්ථිර කළ අතර රහස් ඡන්දයක් අවශ්‍ය බව වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා යෝජනා කළ අතර ටි.එස් මොහන් මහතා ස්ථිර ක‍ළේය.

එහිදි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනිම රහස් ඡන්දයනේ පැවැත්විණි.

එහිදි රහස් ඡන්ද ක්‍රමයට මන්ත්‍රිවරුන් දසදෙනෙකු පක්ෂවද විපක්ෂව ඡන්ද 09 ක්ද ලැබුණි.

එහිදි නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනිම රහස් ඡන්දයනේ පැවැත්විණි.

මාතලේ මහ නගරාධිපති ලෙස කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා ධුරයෙන්  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා විසින් පසුගියදා පහකරනු  ලැබු අතර ඒ මාස තුනක කාලයක් තිස්සේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි විරවර්ධන මහත්මියගේ මුලිකත්වයෙන් සිදු කළ විමර්ශන වාර්තාව පදනම් කරගෙන ධුරයෙන් පහ කිරිම නිසා
නිසා මෙම නව නගරාධිපතිතනතුර පුරප්පාඩු විය.

මෙම ඡන්දය විමසිමේ අවස්ථාවේ නිලධාරින් රැසක් එක්වි සිටියහ.



අදහස් (0)

මාතලේට නව නගරාධිපති වරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site