
( රවින්ද්‍ර ලියනගේ )
දන්කොටුව මැදිකැලේ ප්‍රදේශයේ නිවසක ඇතිවු ආරවුලක් දුරදිග ගොස් සිය බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.
අද(05) මෙම සිද්ධිය ඇතිවි ඇති බව පොලිසිය කියයි.
උදැලු පහරින් හිසට බරපතල තුවාල ලබාසිටි 37 හැවිරිදි කාන්තාව මිගමුව මහ රෝහලට ඇතුලත් කර පසුව කොළඹ ජාතික රෝහල වෙත යවා ඇති බව පොලිසිය කියයි.
බිරිද සමග ඇතිකර ගත් බහින් බස් විමක් දුරදිග ගොස් සැමියා බිරිදට උදැල්ලෙන් පහරදිමෙන් අනතුරුව නිවස පිටුපස ලිදේ බාල්දියට දමා තිබු කඹය ගලවා එම කඹයෙන් ගෙළ වැළලාගෙන ලිදට පැන ඇති බව සිදුකළ පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
ගෙළ වැලලා ගැනිමෙන් මිය ගොස් ඇත්තේ ගල්අත්ත ආරච්චිලාගේ නිශාන්ත පුෂ්ප කුමාර නැමිති 41 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd