(අශෝක තිලකරත්න)
බැල්ලගස්වැව කුකුල්කරමැටිය වැව අසලදී අද (30) අලුයම වන අලියෙකු පහරදීමෙන් තරුණ ගොවියකු මරණයට පත්වී ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්තොට දෙහිගහලන්දේ පදිංචි ඩබ්ලිව්.එච්.ඉෂාන් සඳරුවන් (25) යන අයයි.
ඔහු සිය කෙසෙල් සහ ගස්ලබු වගාව වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට යාමේදී මෙම වන අලි ප්‍රහාරයට ලක් ව මරණයට පත් වී ඇතැයි මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. .
අම්බලන්තොට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd