(එම්. සුසිල් ප්‍රියන්ත)
කොස්ගොඩ හෑගල්ල පියගමදී අද (31) රාත්‍රියේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කොට ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ ඝාතනයවී ඇත්තේ කොස්ගොඩ හෑගල්ල පියගම පදිංචි විසිහතර හැවිරිදි එම්. කසුන් විශ්වජිත් නමැත්තෙක් බවද පොලීසිය කියයි.
ඝාතකයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලීසිය කියයි.
සැකකරුද ඔහු අතින් ඝාතනයවූ තැනැත්තා ජීවත්වූ හෑගල්ල පියගම ප්‍රදේශයේම පදිංචි අයෙක් බවද පොලීසිය කියයි.
කොස්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd