ක ග කරුණාරත්න
පොලොන්නරුව බකමූණ සිරිකදුයා ප්‍රදේශයේදී අද(03) වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බකමූණ, සිරිකඳුයාය පදිංචිව සිටි ඩී.ජී.ඉන්දික රොෂාන් නැමැති 36 හැවිරිදි විවාහක පුද්ගලයකි.
මොහු තම කුඹුරේ වගගාකර ඇති වී වගාව රාත්‍රී කාලයේ වන අලින්ගෙන් ආරක්‍ෂාකර ගැනීම සඳහා පැල් රැකීමට ගොස් අලුයම ආපසු සිය නිවෙස බලා එමින් සිටියදී සිරිකඳුයාය කනත්ත අසලදී අලියාගේ පහරකෑමට ලක්ව තිබෙන බව පොලීසිය සිදුකල පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයා මැරුණාට පස්සේ මොන පරීක්‍ෂණද?