IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි

              

( එම් .සුසිල් ප්‍රියන්ත)
             

අය වැය සදහා ඡන්දයක් ඉල්ලා මන්ත්‍රීවරු බහුතරයක් කෑකෝ ගසමින් හැසිරීම හේතුවෙන් අද (5 ) පැවති අම්බලන්ගොඩ නගර සභාවේ මාසික රැස්වීම දැඩි උණුසුම් විය.

         

සභා රැස්වීම මෙසේ උණුසුම් වෙමින් පැවතියදී සභාපති අරුණ ප්‍රදීප් මහතා රැස්වීම් ශාලාවේ මන්ත්‍රීවරුන්ගේ මයික්‍රපෝන ක්‍රියා විරහිත කර දමන ලෙසටද එහි ක්‍රියාකරුට උපදෙස්ද දුන්නේය.

               

පැවති මේ උණුසුම මැඩපැවැත්වීමට නොහැකිවූ  නිසා අබලන්ගොඩ නගර සභාපති අරුණ ප්‍රදීප් මහතා මාසික සභා රැස්වීම සති දෙකකට කල් දැම්මේය.

         

අබ්බලන්ගොඩ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ,ජනතා විමික්ති පෙරමුණේ හා පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ගංගේ ශ්‍රී ලාල් මහතා ඇතුලු මන්තීවරු දොළොස්දෙනෙක් අය වැය සදහා ඡන්දයක් අවශ්‍ය යයි කියමින් කෑකෝ ගසා ඉල්ලමින් සිටියහ.

         

සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුලු පාලක පක්ෂයේ මන්ත්‍රීවරු නව දෙනෙක් අය වැයට ඡන්දයක් අනවශ්‍ය යයි කියමින් නිහඩව සිටියහ.



අදහස් (0)

අම්බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site