IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තුනක් අරී

 

(ප්‍රියාණි මංගලිකා)

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු  03ක්  අඩියක් දක්වා අද (11) පෙරවරුවේ  විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින්, පහත් බිම්වල වෙසෙන පිරිසට අවධානයෙන් සිටින ලෙස නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.
             
සති දෙකක පමණ කාලයක සිට ප්‍රදේශයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ජලාශයේ ද ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

මෙමගින් තත්පරයට ඝන අඩි 6200ක් දැදුරුඔයට මුදා හැරෙන අතර එය මේවන විට ගංවතුර තත්වයක් නොවුනද , මේ වන විටත් ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතින බැවින්,පවතින ජල මට්ටම වෙනස් විය හැකි බවද , නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා සඳහන් කළේය.
                     
විශේෂයෙන් දැදුරුඔය ආශ්‍රිතව සත්ව පාලන කටයුතු සිදු කරණ පුද්ගලයන් දැදුරුඔය භාවිතා කිරීමෙන් වලකින ලෙස හා ගවයන් ආරක්ෂා කර ගැණිම  පිළිබඳව ඔවුන්  දැනුවත් කිරීම ග්‍රාම නිලධාරීන් මගින්  සිදුකරණ බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
               
තවදුරටත් ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතින බැවින් දැදුරුඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස්  යම් ආපදා තත්වයක් ඇති වුවහොත්, එයට මුහුණ දීම සඳහා ග්‍රාම නිලධාරීන් ,ආපදා නිලධාරීන් සහ අදාල නිලධාරීන් සියලු දෙනා දැනුවත් කර ඇති බවද  නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.



අදහස් (0)

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තුනක් අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site