IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලි රැහැනේ පැටලී අයෙක් මරුට


(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා )

               
අසල්වැසි පුද්ගලයෙකු විසින් වල් ඌරන් මැරීමට දැමූ බවට සැකකෙරෙන අනවසර විදුලිය රැහැනක පැටලී 65 වියැති  ගොවියෙකු, විදුලිය සැර වැදීමෙන් දිවුල්ලෑගෙඩදී  අද (09) එම ස්ථානයේම මියගොස්  ඇති බව  නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය.

                               
මෙසේ මියගොස් ඇත්තේ නිකවැරටිය, දිවුල්ලෑගෙඩ ප්‍රදේශයේ පදිංචි 65 වියැති එල්.එච්.සෝමපාල  නැමති  විවාහකයෙක් වන අතර, අනවසර විදුලි රැහැන දැමූ බවට  වූ සැකකරුද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

                         
එම ප්‍රදේශයේම පදිංචි සැකකරු තම ඉඩමකට පැමිණෙන වල් ඌරන් මැරීම සඳහා පෙර දින රාත්‍රියේ මෙම අනවසර විදුලිය රැහැන දමා ඇති බවද, අලුයම් කාලයේ වල් ඌරෙකුට විදුලි සැර වැදීමෙන් එම ස්ථානයේම මියගොස් ඇති බවද, මෙම වල් ඌරා කෑගසන හඬ ඇසී ඔහු උදැල්ලක්ද රැගෙන මෙම ස්ථානයට පැමිණ ඇති බවද, එහිදී  ඔහුටත් විදුලි සැර වදින්නට ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

                     
අනවසර විදුලි රැහැන් සහ අසල තිබු මියගිය අයගේ බවට සැක කෙරෙන උදැල්ලක්ද  අත්අඩංගුවට ගෙන ඇති බවද, සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල නිලධාරීන්  සහ පශුවෛද්‍ය  නිලධාරීන් හා එක්ව පරීක්ෂණ සිදුකරන බවද , මියගිය අයගේ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී අද (09) සිදු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කලේය.

                       
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි යූ.ඩී.අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙය වීමෙන් නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරයි.



අදහස් (0)

විදුලි රැහැනේ පැටලී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site