(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පුවක්පිටිය සහ නබඩගහවත්ත ප්‍රදේශවලින් දිගින් දිගටම කෝවිඩ් ආසාදිතයන් හමුවීම නිසා ඉදිරියේ දී සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව සංචාරණ නීති පැනවීමට සිදුවන බව ගලේවෙල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් රත්නායක මහතා අද(8) පැවසීය.
පසුගියදා අවමඟුල් උත්සවයකට සහභාගී වී ඉතා අනාරක්ෂිත ලෙස පුද්ගලයන් ගැවසීම නිසා සිදුකළ හදිසි පිසිආර් පරීක්ෂණවලින් අනතුරුව මේ වන විට පුවක්පිටිය සහ නබඩගහවත්ත ප්‍රදේශවලින් ආසාදනය වූ බොහෝ දෙනෙක් හමු වෙමින් පවතින බවත්, අද තවත් පුද්ගලයන් 6 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම 6දෙනා සමග ගලේවෙල කොට්ඨාසයෙන් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 35දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එක් අයෙකු මිය ගිය ගොස් ඇතැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ගලේවෙල පුවක්පිටිය සහනබඩගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් අහඹු ලෙස තෝරා ගෙන පිසිආර් පරීක්ෂණ 8 දින දවස පුරා සිදුකරන බවත් මෙම සිදුකරන ලද පරීක්ෂණ වාර්තා අනුව ඉදිරියේදී මෙම ප්‍රදේශයට සංචරණ නීති පැනවීමට අවධානය යොමු කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හෙද දෙයක් දිගටම කරගෙන යන්න ඔයාගේ උපකර ගොඩක් සතුටියි හොදයි නියමයි බුදුසරනයි