( තුසිත කුමාර ද සිල්වා )
බේරුවල ධීවර වරායෙන් ඉකුත් 31 වන දින ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙන එම්.වී.අය්.එල්.යූ.0271k l අංක දරණ සීවිස් නම් වූ බහුදින යාත්‍රා වී සිටී ධීවරයෙකු නැගෙනහිර මුහුදු සීමාවේ කිලෝමීටර් 200ක පමණ දුරින් සිටියදී මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි යාත්‍රාවේ හිමිකාර පාර්ශවය බේරුවල පොලීසියට පැමිණිලි කර ඇතැයි බේරුවල පොලිසිය අද (7) පැවසීය.
මෙසේ මුහුදට වැටී අතුරුදහන්ව ඇත්තේ අංක 619 මාකුඹුර ,අහුන්ගල්ල බලපිටිය ලිපිනයෙහි පදිංචි ජීවමුනි සමීර ශ්‍රියානන්ද ද සිල්වා (33)නැමැත්තෙකු බව පොලීසිය කියයි.
මෙම යාත්‍රාවේ ස්කීපර් හෙවත් පැදිකරු සමඟ ධීවර කාර්මික පුද්ගලයන් 6 දෙනෙකු සිට ඇති බවත් මුහුදට වැටී අතුරුදන්ව ඇත්තේ ඉන් එක් අයෙකුබවත් මේ වන විට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් කිහිපයක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කරමින්එම ධීවරයා සොයා මෙහෙයුම් සිදුකරන බව බේරුවල පොලිසිය කියයි.
මේ යාත්‍රාව ගමන් කළ සියලුම දෙනා බලපිටිය අහුන්ගල්ල දේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය කියයි
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අතුරුදන් වු ධීවරයෙකු සොයයි