IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පස්බාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වහයි


(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට අද(11) කළ පි.සි.ආර් පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව එම කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.යුසුප් මහතා පැවසීය.
 
මේ හේතුවෙන් එම සෞඛ්‍ය වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වසා දමා  ඇතැයි ඒ මහතා කීය.  

නාවලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික මුල්‍ය රක්ෂණ සමාගමක කොවිඩ් -19 වයිරසය ආසාදනය වු නාවලපිටිය නගරයේ පදිංචිකරුවෙකු අතිරේක සෞඛ්‍යය වෛද්‍යඅ නිලධාරිවරයාගේ නාවලපිටිය පැණිමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව අනාවරණය විය.එනිසා අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිදුකරගත් පි.සි.ආර් පරීක්ෂණය අනුව ඔහුට වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
 
ඔහුගේ පවුලේ සාමාජිකයන්ද ස්වයං නිරෝධානයට යොමු කළ බවත් , තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කායාලයේ සියලුම නිලධාරින් ස්වයං නිරෝධානයට යොමු වී ඇති බවත්, ආශ්‍රිතයෙකු නොවන මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයෙකු යොදා ගනිමින් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කටයුතු සිදු කරන බවත් ඔහු කීය.
 
කොවිඩ් -19 ආසාදනය වු අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.



අදහස් (0)

පස්බාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site