(මහේෂ් කීර්තිරත්න)
මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ පුද්ගලයින් 2000කට නඩු පවරා ඇති බව මාතලේ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා අද(19)දා පැවසීය.
මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් පාලන මෙහෙයුම් කමිටුවට සහභාගි වෙමින් පොලිස් අධිකාරිවරයා මෙම අදහස් පළ කළේය.
මුඛ ආවරණ නොපැළඳීම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත නොකර වෙළඳාම ඇතුළු සෞඛ්‍ය උපදෙස් කඩකළ පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කර තිබෙන බව ඒ මහතා කීය.කෝවිඩ් වසංගතය පාලනය කරගැනීම සඳහා සෑමවිටම සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසද පොලිස් අධිකාරියවරයා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා, මාතලේ දිස්ත්‍රික් කෝවිඩ්-19 වසංගත පාලන කමිටුවේ සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් එස්.යූ.එම්.එන් මානගේ, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොවිඩ් නීති කැඩූ මාතලේ 2,000කට නඩු