
(එච්. එම්. ධර්මපාල)
මත්පෙති ජාවාරමේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකු අලෙවිය සඳහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරනු ලැබූ මත්පෙති 1000ක් සමග කොතලාවලපුර පාසල ඉදිරිපිට මාර්ග බාධකයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.
සැකකරුවන් රත්මලාන ජයසුමණාරාම පාර හා සිල්වස්ටර් පාර පදිංචි වයස අවුරුදු 26 ක් වන අය බව පොලීසිය කියයි .
මෙම මත්පෙති තොගය යතුරු පැදියෙන් රැගෙන ගොස් රත්මලාන , මොරටුව, ලුනාව, ගල්කිස්ස, දෙහිවල , අගුලාන යන ප්‍රදේශවලට බෙදාහැරීමට සැලසුම් කර තිබූ බවත් සිදුකල මූලික විමර්ශන වලදි අනාවරණයවී ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd