IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බොරලැස්ගමුව නගර සභාවේ වරිපනම් අංශය යළි අරී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බොරලැස්ගමුව නගර  සභාවේ ආදායම්  පරිපාලකවරයකුට  කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ  එම නගර සභාවේ වරිපනම් අංශය අද (20) සිට සුපුරුදු පරිදි රාජකාරී ආරම්භ කළ බව නගරාධිපති කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා පැවසීය.

වේරහැර ප්‍රදේශයේ පදිංචි ආසාදිතයාගේ මව මිය යාමෙන් පසුව කළ පී.සී.ආර්  පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව සිදුකළ පී.සී.ආර්  පරීක්ෂණයේදී නගර සභා සේවකයාට ද වයිරසය ආසාදනය ඇති බවට තහවුරු වී තිබුණි.

ඒ අනුව ආසාදිතයාගේ කාර්යාලීය පළමු පෙළ ආශ්‍රිතයින්  17දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් වන බවද පැවසේ.

පසුව  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ උපදෙස් මත නගර සභා පරිශ්‍රය සම්පූර්ණ විසබීජහරණයට ලක් කර අද යළි ආරම්භ කිරීමට පියවර ගත් බවත් සේවාලාභීන් වෙනුවෙන් මේ වන විට විධිමත් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්  නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

බොරලැස්ගමුව නගර සභාවේ වරිපනම් අංශය යළි අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site