(ඉන්දික අරුණ කුමාර)
නාඋල ඇගුළුම් කම්හලේ කෝවිඩ් ආසාධිතයෙකු මොරගහකන්ද - මා ඔය ප්‍රදේශයේ දී තොටුපොල නියෝජිතයෙකු ඇසුරුකර ඇතැයි සදහන් කරමින් අද(20) සිට ධීවරයෝ 52 දෙනෙකු සියලු ධීවර කටයුතු වලින් ඉවත්වන බව මොරගහකන්ද ධිරිය ධීවර සමිතිය කියා සිටියි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මොරගහකන්ද ධිරිය ධීවර ග්‍රාමීය සමිතියේ සභාපති ඩබ්ලිව්.එම්.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මෙසේ කියා සිටියේය.
මොරගහකන්ද ජලාශය ආශ්‍රීතව වසර ගණනක කාලයක සිට ධීවරයෝ ධීවර කටයුතු කරගෙන ගිය බවත්, පවත්නා ආනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සිය සාමාජිකයින් ධීවර කටයුතු වලින් ඉවත් වන බවත් හෙතෙම කියා සිටියේය.
මෙම තත්ත්ය හමුවේ සිය පාරිභෝගීක ජනතාවට සිදුවන අපහසුතාවන් සම්බන්ධයෙන් කනගාටුව පලකරන බව කියා සිටි චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ කෝවිඩ් ආසාධිතයා තරුණ පිරිසක් සමග ක්‍රීඩාවක නිරත වී ඇති බවයි. එම පිරිස අතර සිය ධීවර සමිතියේ තොටුපොල නියෝජිතයාද සිටීම හේතුවෙන් මෙම අවධානම් තත්ත්වය නිර්මාණය වී ඇති බව ඔහු කීය.
ආසාධිතයා ඇසුරැ කළ සියලු දෙනා නිරෝධායනය කළ යුතු බවත්, නිසි සෞඛ්‍ය ක්‍රමවේද යොදන තෙක් සිය සාමාජිකයින් යළි ධීවර කටයුතු වල නිරත නොවන බව ද චන්ද්‍රසිරි බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොවිඩ් ආසාදිතයෙකු නිසා මොරගහකන්දේ ධීවරයෝ රාජකාරියෙන් ඉවත්වෙති