IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එළුවන්කුලමේ ගවයෝ විල්පත්තුව වනෝද්‍යානයට මුදාහැරලා

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
විල්පත්තුව ජාතික වන උද්‍යානයට එළුවන්කුලම ගවගාල්කරුවන්  නීති විරෝධි ලෙස ගවයින් ඇතුළු කිරිමත් සමඟ විල්පත්තුවේ වන සතුන් අවදානමකට මුහුණ දි ඇති බව පරිසරවේදීහු කියති.

මේ දිනවල ගවයින් අතර පවතින රෝගය බොහෝ දුරට වන සතුන්ට බෝ විමේ අවදානමක් මෙමගින් ඇති විය හැකි බව ඔවුහු කියති.

ගවයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පොම්පරිප්පුව තුළ නිරන්තරයෙන්    සැරිසරති

ශ්‍රී ලංකාවේ විශාලතම වනඋද්‍යානය වන විල්පත්තුවට ගවයින් ඇතුල් කිරිම නරක පුර්වාදර්ශයක් වි ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙම ගවයින් එළුවන්කුලම ප්‍රදේශයේ විශාල ගව ගාලක්  හිමි පුද්ගලයකුගේ බවත් , මෙම සතුන් කලාඔය තරණය කරමින් නිරන්තරයෙන් විල්පත්තුවට පිහිනා යාමට දක්ෂ බවත් ගැමියෝ කියති.
මේ පිළිබදව කළ විමසිමේදි පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසා සිටියේ මෙවැන්නකී.
‘මේ තත්වය මම සොයා බලන්නම්. හැබැයි මේ ගවයින් කුමන ස්ථානයෙන් විල්පත්තුවට ඇතුළු  කළාද කියලා සොයා බලන්න උවමනායි .මම අපේ එළුවන්කුලම නිළධාරින්ට කියන්නම් මේ පිළිබදව සොයා බලන්න කියලා ‘
 



අදහස් (0)

එළුවන්කුලමේ ගවයෝ විල්පත්තුව වනෝද්‍යානයට මුදාහැරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site