IMG-LOGO

මතුගම තුනී ලෑලි කම්හලක් වහයි

(බන්දු තඹවිට)
 
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මීගම ප්‍රදේශයේ තුනී ලෑලි කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගත් බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.
 
එහි සේවකයන් සියලු දෙනා නිරෝධායනයට යොමුකළ බවත් එම පිරිසට අමතරව මතුගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සහ යටදොලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු වාර්තාවූ බවත් ඒ මහතා කීය.
 
මතුගම වැලිපැන්න ප්‍රදේශයේ පසුගිය දිනකීපයෙදී කොරෝනා ආසාධිතයන් 65 දෙනෙකු හමුවිය.
 
එම ආසාදිතයන් හමුවූ වැලිපැන්න මුස්ලිම් පාර දින කීපයක් හුදකලා කර පසුගිය 19 වනදා සවස නැවත විවෘත කළේය. ඉන් අනතුරුව මතුගම අවට ආයතනවල සහ විවිධ ස්ථානවල පී.සී.ආර්. පරීක්ෂණ  මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ දිනයේදී ආසාධිතයන් 24 දෙනෙකු වාර්තා වී ඇත.
 
මීගම තුනී ලෑලි කර්මාන්ත ශාලාවේ සේවකයන්ට අද දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතය. මතුගම ප්‍රදේශයේ ආයතනවල සහ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගයාත්‍රි විතාන මහත්මිය සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී. ලයනල් මහතාගේ අධීක්ෂණයෙන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.
 



අදහස් (0)

මතුගම තුනී ලෑලි කම්හලක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 305 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 485 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site