IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා


(රංජිත් රාජපක්ෂ)
 
ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව මහපතන සෙල්ලිපිගම ප්‍රදේශයේ සැමියකු විසින් තියුණු ආයුධයකින් සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
 
ඝාතනය කර ඇත්තේ යාපා පතිරණලාගේ බාලිකා ප්‍රියදර්ශනි නැමති දෙදරු මවකි.
 
ඉකුත් 27 දින සැමියා දරුවන් දෙදෙනා පිටතට යවා බිරිද සමග අඩදබර වි බිරිඳගේ ගෙල කපා ඝාතනය කර නිවසේ දොරගුළු දමා වසා දරුවන් දෙදෙනා රැගෙන නිවසින් පිටව ගොස් ඇත. (28) දින රාත්‍රියේ සැකකරුගේ සහෝදරයෙකුගේ මාර්ගයෙන් ඒ බව ගිනිගත්හේන පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු පොලිසිය විසින් දෙදරු මවගේ සිරුර සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
බිරිද කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවත්, ඒ පිලිබදව වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු ඇය තියුණු ආයුධයක් රැගෙන තමන්ට පහර දිමට උත්සහ කළ බවත්, එම අවස්ථාවේ එම ආයුධය තමන් උදුරාගෙන බිරිදගේ ගෙල කපා ඝාතනය කල බව සැකකරු විසින් වැඩි දුරටත් පොලිසියට පවසා ඇත.



අදහස් (0)

සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site