(එම් .සුසිල් ප්‍රියන්ත)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් අද (2) අලුයම් කාලයේ දුම්රියක ගැටී මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ අලුත්පාර ලිපිනයේ පදිංචි පොන්නාහන්දි ශ්‍රීමාලි නමැති 57 හැවිරිදි දෙදරු මවකි.
නිවසේ බුදුන් වැදීමට අලුයම් කාලයේදී මල් කැඩීමට නිවසින් ගොස් සිටියදී මේ අනතුරට ලක්වී ඇති බවද පොලීසිය කියයි.ගාල්ලේ සිට අම්බලන්ගොඩ දක්වා ගමන් ගත් දුම්රියක ඇය ගැටී ඇත.
මේ පිලිබද මරණ පරීක්ෂණය අද (2 ) දහවල් මාදම්පාගම හදිසි මරණ පරීක්ෂිකා කේ.වගආරච්චි මහත්මිය පැවැත්වීමට නියමිතය.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd