(ටෝනි කරුණානායක)
කොළඹ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ගුවන් හමුදා කදවුර ඉදිරියේ දී අද (31) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම්පොළ තාප්පයේ ගැටීමෙන් එම වෑන් රථයේ ගමන් කළ තිදෙනකු මිය ගොස් ඇතැයි ජාඇල පොලිසිය පවසයි.
එම අනතුරෙන් රද්දොලුවේ සහ පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 48 හැවිරිදි සුමින්ද නිශාන්ත තිලකරත්න යන වාහනයේ රියදුරු සහ එම වාහනයේ ගමන් කළ 64 හැවිරිදි ටිරෝන් එරල් හාඩ් සහ 49 හැවිරිදි තුෂාර චාමින්ද යන තිදෙනා මිය ගොස් ඇති බව ජාඇල පොලිසිය වැඩිදුරටත් පැවසීය .
මිය ගිය තිදෙනාගේ මළ සිරුරු රාගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද (31) පැවැත්වීමට නියමිත බව ජාඇල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd