සිතුම් චතුරංග
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා එම සැකකරුවන්ගේ ඥාතීහු අද (1) කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවයක නිරතවූහ.
යාපනය ,නුවර ඒ නවය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවූ අතර විරෝධතාවය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවිය.
විරෝධතාකරුවන් පැවසූයේ කිසිදු නඩු විභාගයක් නොමැතිව වසරකට අධික කාලයක් අත්අඩංගුවටගෙන රඳවා සිටින තම ඥාතීන් නිදහස් කරන ලෙසත් ඔවුන් රඳවා තබාගැනීම හේතුවෙන් එම සැකකරුවන්ගේ දරුදැරියන් හා පවුලේ පිරිස් ජීවත්වීමේ ගැටළුවට මුහුණපා ඇති බවයි.
මේ වන විට ත්‍රස්ත විමර්ශන අංශයේ අත්අඩංගුවේ සිටින පිරිස් වෙත කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවත් මේ වන විට ඔවුන්ගේ ජීවිත අනතුරටපත්ව ඇති බවද විරෝධතාකරුවන් පැවසීය.
ඒ නවය මාර්ගය අවහිර කිරීම හේතුවෙන් පැවති රථවාහන තදබදයත් සමඟ එම ස්ථානය වෙත පැමිණි පොලිස් නිලධාරීන් පිරිස ඉවත් කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් හටගැණින.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිලිනොච්චි කන්දසාමි කෝවිල අසළ විරෝධතාවයක්