ජාඇල ප්‍රා. සභාව වසා දමයි පසුගිය දින දෙක තුළ ජාඇල ප්‍රාදේශීය සභාවේ නිලධාරින් දෙදෙනෙකු ඇතුලු සේවකයින් 7දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරුවීම හේතුවෙන් ජාඇල ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති බව ජාඇල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.එමි.වයි.විජේසිංහ මහතා පවසයි. 09 February 2021
අ’පුර ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ වැඩවරති අඩු ආදායම්ලාභීන්ගේ පවුල්වල අධ්‍යාපන සුදුසුකම් නොමැති පිරිසක් සාත්තු සේවකයන් ලෙස පුහුණු කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට බඳවා ගැනීමට විරෝධය දක්වමින් එම රෝහලේ කනිෂ්ඨ සේවකයන් අද(09)සේවයෙන් ඉවත්වීම නිසා රෝගීහු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයකට පත්වුහ. 09 February 2021
බදුල්ලට වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක් බදුල්ල නගරය හා අවට ප්‍රදේශයන්හි වායුගෝලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරීශ්‍රය තුල වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා පැවැසීය. 09 February 2021
බෝර දොළහේ තුවක්කුවක් - උණ්ඩ 140ක් සමඟ අයෙක් දැලේ බෝර දොළහේ පතුරොම් තුවක්කුවක්, ඊට යොදන උණ්ඩ 140ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඉන් ඉවත් වූ අයෙකු අද(08) ගැටමාන්න දකුණේදී අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි. 08 February 2021
මාදම්පේ වැලි ජාවාරම් වලට අවසර නොදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන පහක ජනතාවට අසීරුතාවන් ඇති කරමින් සිදු කෙරෙන වැලි ජාවාරම්කරුවන්ගේ බලපෑම් වලට යටත් නොවි සදාකාලිකව මෙම වැලි කැණිම් නවත්වන ලෙසට ඉල්ලමින් මාදම්පේ සුදුවැල්ල ජනතාව අද (8) දහවල් මාදම්පේ කුලියාපිටිය මාර්ගය අයිනේ සිටිමින් සාමකාමි විරෝධාවක නිරතවුහ. 08 February 2021
මාදම්පේ වැලි කණින්න ඉඩදෙන්නැයි ටිපර් රථ රියැදුරුවරු විරෝධයේ හලාවත මාදම්පේ නව නගරයේ දේවාලය අසල දි වැලි ප්‍රවාහන ටිපර් රථ නවතා, වැලි ව්‍යාපාරිකයෝ හා ටිපර් රථ රියැදුරුවරු පිරිසක් අද (8) දහවල් විරෝධතාවක් පැවැත්වුහ. 08 February 2021
පීල්ලකන්ද ජල මූලාශ්‍රය රැකගැනීමට ජනතා උද්ඝෝෂණ දැනට තාවකාලිකව නවතා ඇති නාරම්මල සහ අවට ප්‍රදේශවල ජනයාගේ ජල සැපයුම් සම්පත වන පීල්ලකන්ද ජල මූලාශ්‍රය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරදෙන ඉල්ලා අද (08) ප්‍රදේශවාසීහු දම්පැලැස්ස මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වූහ. 08 February 2021
ගම්පහ කොට්ඨාසයේ පාසල් 15 දා සිට ඇරඹෙයි ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් මෙම මස 15 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කරන බව , ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සඳහන් කළේය. 08 February 2021
බස් රථයකට යට වී පවුල් සෞඛ්‍ය සේවිකාවක් මරුට අනුරාධපුර, පුලියන්කුලම, උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදි යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 51 හැවිරිදි පවුල් සෞඛ්‍ය සේවිකාවක් බස් රථයකට යටවීමෙන් අද(08) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි. 08 February 2021
කටුවන නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් කටුවන, මොරගහලගොඩ පිහිටි ඇහැලගහවත්ත නිවසට අද(08) අලුයම පුද්ගලයෙකු පැමිණ එල්ලකළ අත් බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ නිවසේ පදිංචිකරුවෙකු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කටුවන පොලිසිය පවසයි. 08 February 2021
තල්පිටිබද්ද ප්‍රාදේශීය සභා උප කාර්යාලය තාවකාලිකව වහයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ තලපිටිබද්ද උප කාර්යාලයේ සේවය කරන රියදුරෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය හා පුස්තකාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසීය. 07 February 2021
සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන් අවුරුදු 8ක් හොරෙන් වතුර අරන් සාලියවැව ජල යෝජනා ක්‍රමයෙන් වසර 8කට ආසන්න කාලයක් හොරෙන් ජලය ලබා ගත් පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සාලියවැව පොලීසිය කියයි. 07 February 2021
යක්කටුවේ වතුරට මළකඩ මිශ්‍රවෙයි වසර ගණනාවක සිට තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණිය යක්කටුව ගම්වාසීහු කියති. 06 February 2021
සංචරණ සීමා පැනවූ ඇටොරැවාවෙන් කොරෝනා රෝගින් 04ක් සංචරණ සීමා පනවා ඇති කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාශයේ ඇටෝරැවාව ග්‍රාමයෙන් කොවිඩි 19අසාදිත රෝගින් 04 දෙනෙකු වාර්තා වී ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (06) පැවසීය. 06 February 2021
අඩි 07ක පිඹුරෙක් දොඩන්දූව පටුවත ප්‍රදේශයේ වෛද්‍යවරයකු වන කේ.ජී. බන්දුරත්න මහතාගේ නිවසට පැමිණි අඩි 07ක් පමණ දිග දාර පිඹුරකු ගම්වාසීන්ගේ සහයෝගයද ඇතිව අල්ලා හික්කඩුව වනජීවී නිලධාරීන්ට අද (06) බාර දුණි. 06 February 2021
අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට මිද්දෙනිය හුංගම පාරේ දී ඊයේ (05) රාත්‍රී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි. 06 February 2021
ත්‍රිරෝද ජාවාරම් කළ 2ක් අත්අඩංගුවට සොරාගත් බවට සැකකරන ත්‍රිරෝද රථ ව්‍යාජ ලෙස වෙනස් කර ජාවාරමක යෙදුණු ගරාජ් හිමියකු සහ ත්‍රි රෝද රථ රියදුරෙකු අද (5) අත්අඩංගුවට ගත් බව ආදුරුප්පු වීදිය පොලිසිය කියයි. 05 February 2021
බන්ධනාගාරයට හොරබඩු දුන් කත අල්ලයි කලක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ පසුවන දියණියට හා බෑනාට ලබා ගැනීම සදහා එහි තාප්පයට උඩින් මත්ද්‍රව්‍ය හා විවිධ තහනම් බඩු විසිකිරීමේ යෙදුණු බව කියන හැටපස් හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය කියයි. 05 February 2021
අරලගංවිල පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මරුට දැනට වාන් දමමින් තිබෙන අරලගංවිල, පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (04) දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 04 February 2021
බලපිටිය රෝහලේ වසා දැමූ ඒකක විවෘත කරයි බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙකු කොරෝනා ආසාධනය වීම නිසා තාවකාලිකව වසා දැමූ ඒකක සියල්ල නැවත විවෘත කිරීමට පියවර ගත් බව කරාපිටිය මහා රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ජීවරත්න මහතා පවසයි. 04 February 2021
යතුරුපැදි අනතුරින් කතක් මරුට අඟුණකොළපෑලැස්ස කයිලවැල්පෝටාවේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එක් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක ජීවිතක්ෂයට පත්වී අනෙක් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. 04 February 2021
බස් රියදුරු කොන්දොස්තරට මිටියකින් ගහලා පෞද්ගලික බස් රථ රියදුරෙකු ශ්‍රි ලංගම කොන්දොස්තරවරයෙකුට මිටියකින් පහර දිමක් හේතුවෙන් එම ශ්‍රි කොන්දොස්තරවරයා අද (03) බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 03 February 2021
යතුරුපැදි අනතුරකින් මව-පුතු මරුට හබරණ-පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයෙදි අද (03) සිදු වු ලොරි රථ දෙකක් සහ යතුරු පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් මව සහ පුතා යන දෙදෙනාම එම ස්ථානයෙදිම මරණයට පත්ව ඇති බව හබරණ පොලිසිය පවසයි. 03 February 2021
කිලිනොච්චියේ සහ මන්නාරමෙන් කේරල ගංජා කිලෝ 9 ක් අල්ලයි කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රීක්ක වලදී සිදුකරන ලද සෝදිසි පරික්ෂණ වලදී කේරල ගංජා කිලෝ 09 ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් තම බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 03 February 2021
අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ විරෝධතාවක ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවේ කවුරුන් සැමරුවද සිය ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට නිදහස් දිනය සැමරීමට නොහැකි බව පවසමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීහු අද (03) කිලිනොච්චියේ විරෝධාතවක නිරත වූහ. 03 February 2021
බලපත් නොමැතිව ප්‍රවාහනය කළ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ඉරන ලද දැව තොගයක් ලොරි රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නිකවැරටිය ,ඇලවක පොලිස් මාර්ග බාධකයේදී අද(03) උදෑසන අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය. 03 February 2021
නැ’හිර වෙන් නොකරන කසළ බාරනොගනී කැළිකසළ බැහැර කිරීම වඩා විධිමත් කිරිමේ අරමුණින් ලබන මාර්තු 01 වන දා සිට නැගෙනහිර පළාතේ වෙන් නොකරන කැළිකසළ බාර නොගැනීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (3) පැවැති විශේෂ හමුවකදී තීරණය විය. 03 February 2021
යතුරුපැදි - බස් අනතුරින් අයෙක් මරුට ගාල්ල යක්කලමුල්ල ප්‍රධාන මාර්ගයේ රත් ජම්බු ගහ දී අද (3) යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් වූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරන විට එහිදී මිය ගොස් ඇතැයි අක්මීමන පොලිසිය කියයි. 03 February 2021
එළවළු බව අඟවා පීඩාකාරීව ගවයන් පැටවූ ලොරියකට පොලිසියෙන් වෙඩි මහියංගනය ප්‍රදේශයේ සිට මාතලේ දක්වා පීඩාකාරී ලෙස ගවයන් ප්‍රවාහනය කල ලොරි රථයක් පසුපස හඹා ගිය පල්ලේකැලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (3) අලුයම ලොරි රථයට වෙඩිතබා සිය බාරයට ගැනීමට සමත්ව ඇත. 03 February 2021
අරණායක පාසල් දෙකක් යළි විවෘත කරයි තාවකාලිකව වසා දැමු අරණායක දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය හා දිප්පිටිය අල් අර්ෆා මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලය හෙට (03) පෙරවරුවේ සිට විවෘත කිරිමට තිරණය කළ බව ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි මගින් අද (02) රාත්‍රියේ නිවේදනය කළේය. 02 February 2021
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025