ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල යක්කලමුල්ල ප්‍රධාන මාර්ගයේ රත් ජම්බු ගහ දී අද (3) යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් වූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරන විට එහිදී මිය ගොස් ඇතැයි අක්මීමන පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ පෝද්දල නරාවල සිටෘස් වත්තෙ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියදුරා සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
මෙම පොලිසියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd