(ආරියදාස කොඩිතුවක්කු)
කටුවන, මොරගහලගොඩ පිහිටි ඇහැලගහවත්ත නිවසට අද(08) අලුයම පුද්ගලයෙකු පැමිණ එල්ලකළ අත් බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ නිවසේ පදිංචිකරුවෙකු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කටුවන පොලිසිය පවසයි.
රෝහල් ගතකර ඇත්තේ නිවසේ පදිංචි එච්.ඩී. දයානන්ද නමැති 43 හැවිරිදි විවාහකයෙකි.
පුද්ගලික ආරවුලක් මත මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
බෝම්බ ප්‍රහාරය එල්ලකළ සැකකාර පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd