
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සොරාගත් බවට සැකකරන ත්‍රිරෝද රථ ව්‍යාජ ලෙස වෙනස් කර ජාවාරමක යෙදුණු ගරාජ් හිමියකු සහ ත්‍රි රෝද රථ රියදුරෙකු අද (5) අත්අඩංගුවට ගත් බව ආදුරුප්පු වීදිය පොලිසිය කියයි.
මෙම සැකකරුවන් සමග එලෙස ව්‍යාජ ලෙස වෙනස් කරන ලද ත්‍රීරෝද රථ තුනක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස්පතිතුමාගේ නියෝග මත ආදුරුප්පු වීදිය පොලිස් වසමේ මාර්ග බාධක දමා සැකකටයුතු වාහන පිළිබඳ පරික්ෂා කරමින් සිදුකළ මෙහෙයුමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මාර්ග බාධකය හරහා යාමට පැමිණි තීරෝද රථයක ලියා පදිංචි සහතිකයක් අනුව මම ත්‍රීරෝද රථයේ එන්ජින් සහ චැසි අංක පරික්ෂා කිරීමේදී පරස්පර වූ බැවින් මේ පිළිබඳ සිදුකළ ප්‍රශ්න කිරීමේදී මට්ටක්කුලිය පොත් එසේ ගරාජයේ හිමිකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය කියයි.
ඒ අනුව එම ගරාජ් හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී එයාකාරයෙන් චැසි හා එන්ජින් අංක මකා දමා වෙනත් අංක යොදා ගම්පහ සහ මට්ටක්කුලිය ප්‍රදේශයට විකුණා තිබූ තවත් තීරෝද රථ දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරු සහ ගරාජ් හිමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd