IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ත්‍රිරෝද ජාවාරම් කළ 2ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සොරාගත් බවට සැකකරන ත්‍රිරෝද රථ ව්‍යාජ ලෙස වෙනස් කර ජාවාරමක යෙදුණු ගරාජ් හිමියකු සහ ත්‍රි රෝද රථ රියදුරෙකු අද (5) අත්අඩංගුවට ගත් බව ආදුරුප්පු වීදිය පොලිසිය කියයි.

මෙම සැකකරුවන් සමග එලෙස ව්‍යාජ ලෙස වෙනස් කරන ලද ත්‍රීරෝද රථ තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස්පතිතුමාගේ නියෝග මත ආදුරුප්පු වීදිය පොලිස් වසමේ මාර්ග බාධක දමා සැකකටයුතු වාහන පිළිබඳ පරික්ෂා කරමින් සිදුකළ මෙහෙයුමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මාර්ග බාධකය හරහා යාමට පැමිණි තීරෝද රථයක ලියා පදිංචි සහතිකයක් අනුව මම ත්‍රීරෝද රථයේ එන්ජින් සහ චැසි අංක පරික්ෂා කිරීමේදී පරස්පර වූ බැවින් මේ පිළිබඳ සිදුකළ ප්‍රශ්න කිරීමේදී මට්ටක්කුලිය පොත් එසේ ගරාජයේ හිමිකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිසිය කියයි.

ඒ අනුව එම ගරාජ් හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී එයාකාරයෙන් චැසි හා  එන්ජින් අංක මකා දමා වෙනත් අංක යොදා ගම්පහ සහ මට්ටක්කුලිය ප්‍රදේශයට විකුණා තිබූ තවත් තීරෝද රථ දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථ රියදුරු සහ ගරාජ් හිමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.



අදහස් (0)

ත්‍රිරෝද ජාවාරම් කළ 2ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site