IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාදම්පේ වැලි ජාවාරම් වලට අවසර නොදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක්

(ඔගස්ටින් ප්‍රනාන්දු)                 

මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන පහක ජනතාවට අසීරුතාවන් ඇති කරමින් සිදු කෙරෙන වැලි ජාවාරම්කරුවන්ගේ බලපෑම් වලට යටත්  නොවි සදාකාලිකව මෙම වැලි කැණිම් නවත්වන ලෙසට ඉල්ලමින් මාදම්පේ සුදුවැල්ල ජනතාව අද (8)  දහවල් මාදම්පේ  කුලියාපිටිය මාර්ගය අයිනේ සිටිමින් සාමකාමි විරෝධාවක නිරතවුහ.

වැලි ව්‍යාපාරිකයින් හා ටිපර් රථ සේවකයින් පිරිසක් මාදම්පේ නව නගරයේ දි වැලි ව්‍යාපාරය පවත්වා ගෙන යාමට  බාධා ඇති නොකරන ලෙසට ඉල්ලමින් විරෝධතාවක් පවත්වන බව දැන ගත් මාදම්පේ සුදුවැල්ල පිරිසක් විසින් මාදම්පේ  කුලියාපිටිය මාර්ගය අයිනේ සිටිමින් මෙම විරෝධාතව පැවැත්වුහ.

ඊට වැලි ජාවාරම් නිසා අසීරුතාවනට පත්ව ඇති ග්‍රාමසේවා නිලධාරි වසම් පහමකින් පැමිණි පිරිස් එක්ව සිටියහ.

මෙම ගම්වාසින් පසුගිය දින කිහිපයක සිට විරෝධතාවක හා සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ද පවත්වනු ලැබු අතර පරිසර ඇමැතිවරයා විසින් මේ මස 9 වන දින වන විට මෙම වැලි ජාවාරම් සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදු කර තීරණයක් දෙන බවට දුරකතන මගින් කළ දැනුම් දීමකින් පසුව එම සත්‍යග්‍රහ ව්‍යාපාරය නවතනු ලැබීය.



අදහස් (0)

මාදම්පේ වැලි ජාවාරම් වලට අවසර නොදෙන්නැයි ඉල්ලා විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site