
(එම්.සුසිල් ප්‍රියන්ත)
වසර ගණනාවක සිට තමන් උග්‍ර ජල හිඟයකට මුහුණදී ඇතැයි කරන්දෙණිය යක්කටුව ගම්වාසීහු කියති.
එදා තමන් ජල අවශ්‍යතා සපුරාගත් ළිංවල වතුර අවපැහැ ගැන්වීමත්, එම වතුර මළකඩ රසවීමත් එයට හේතුව බවද ඔවුහු කියති.
මේ නිසා සිය ළිංවල වතුර බීමටවත් නොහැකි බව පවසන යක්කටුව ගම්වාසීහු මේ අවපැහැ ගැන්වුණු වතුරෙන් මුව සේදීම, දිය නෑම හා රෙදි සේදීමවත් කළ නොහැකි බවද පවසති.
යම් හෙයකින් සිය ළිංවල ඇති වතුර සිරුරේ ගෑවුණහොත් කැසීමට පටන් ගන්නා බවත්, රෙදි සේදුවහොත් රෙදිවල පැල්ලම් සෑදෙන බවත් ඔවුහු කියති.
සිය ගම්මානයේ නිවෙස්වල නාන කාමර ඇතත් මේ වතුර පරිභෝජනයට නුසුදුසු නිසා නාන කාමරවල ඇති උපකරණ පසෙකලා භාජන වලට වතුර පුරවාගෙන අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට සිදුවී තිබේ.
සිය ජල ගැටලුව විසඳීමට අදාළ බලධාරින්ට ඇත්තේ ඉතාම කෙටි සංසිද්ධියක් බව පවසන එම ගම්වාසීන්, සිය ගම්මානයට මීටර් 500 ක් පමණ දුරකට මහා මාර්ගයේ එළා ඇති ජලනල පද්ධතිය සිය ගම්මානයට යොමු කිරීම පමණකින් එය ඉටුකිරීමට හැකි බවද ගැමියෝ වැඩිදුරටත් සඳහන් කරති.


2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යක්කටුවේ වතුරට මළකඩ මිශ්‍රවෙයි