(එම්.දසනායක සහ ටී.එච්.සරත්)
මහියංගනය ප්‍රදේශයේ සිට මාතලේ දක්වා පීඩාකාරී ලෙස ගවයන් ප්‍රවාහනය කල ලොරි රථයක් පසුපස හඹා ගිය පල්ලේකැලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (3) අලුයම ලොරි රථයට වෙඩිතබා සිය බාරයට ගැනීමට සමත්ව ඇත.
පල්ලේකැලේ පොලීසියට ලද තොරතුරක් මත මහනුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ පල්ලේකැලේ ප්‍රදේශයේදී මාර්ග බාධක යොදා පරීක්ෂාව සිදුකරන අතරතුර සැක කටයුතු ලොරි රථයට නැවැත්වීමට අණ කලත් රියදුරු නොනවත්වා ධාවනය කොට ඇත.
පසුව ක්ෂණිකව ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් අදාල ලොරි රථය ලුහුබැඳ මහනුවර බදුල්ල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී ලොරි රථයට වෙඩිතබා ඇත. පොලිස් වෙඩි ප්‍රහාරය මධ්‍යයේ නොනවත්වා ධාවනය කළ ලොරි රථය කන්දහන්දිය මංසන්ධියේ සිට මාරස්සන දක්වා ධාවනය කරන අතරතුරදී නාරන්කඩුව ප්‍රදේශයේදී නැවත වතාවක් පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. ලොරි රථය නවතා දමා රියැදුරු පලාගොස් තිබේ.
එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ඉතාමත් හිංසාකාරී ලෙස ගවයන් 30ක් පමණ ලොරි රථයේ බැඳ දමා ගව මස් සඳහා රැගෙන යමින් සිටි බව පොලීසිය සඳහන් කරයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
එළවළු බව අඟවා පීඩාකාරීව ගවයන් පැටවූ ලොරියකට පොලිසියෙන් වෙඩි