
( ප්‍රියාණි මංගලිකා )
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ඉරන ලද දැව තොගයක් ලොරි රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නිකවැරටිය ,ඇලවක පොලිස් මාර්ග බාධකයේදී අද(03) උදෑසන අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය.
විවිධ ප්‍රමාණ වලින් යුතු ඉරන ලද දැව කඳන් 162 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් කොටවෙහෙර ප්‍රදේශයේ සිට කැලණිය ප්‍රදේශයට මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවද , පරීක්ෂණ වලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කලේය.
සැකකරුවන් දෙදෙනා නුගන්නෝරුව සහ දිගන්නෑව ප්‍රදේශ වල පදිංචි අයවලුන් බවද ,මොවුන් නිකවැරටිය කුරුණෑගල මාර්ගයේ ,මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ,ඇලවක පොලිස් මාර්ග බාධක පරීක්ෂාවේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේය .
සැකකරුවන් දෙදෙනා නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ,සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලපත් නොමැතිව ප්‍රවාහනය කළ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට