
(ක.ග. කරුණාරත්න)
දැනට වාන් දමමින් තිබෙන අරලගංවිල, පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (04) දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර, රොක්හිල් අංක 318 ලිපිනයේ පදිංචි මෙහොමඩ් නප්රාස් නැමැති 25 හැවිරිදි තරුණයෙකි.
මොහු තම මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිාවකාවක් සඳහා අරලගංවිල ප්‍රදේශයට පැමිණ සිටියදී පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී වැවේ පිටවානට ඉහල කොටසේදී මෙසේ දියේ ගිලී මරුමුවට පත්ව තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙනවිත් තිබේ.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd