
(ක.ග. කරුණාරත්න)
දැනට වාන් දමමින් තිබෙන අරලගංවිල, පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (04) දියේ ගිලී මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර, රොක්හිල් අංක 318 ලිපිනයේ පදිංචි මෙහොමඩ් නප්රාස් නැමැති 25 හැවිරිදි තරුණයෙකි.
මොහු තම මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිාවකාවක් සඳහා අරලගංවිල ප්‍රදේශයට පැමිණ සිටියදී පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී වැවේ පිටවානට ඉහල කොටසේදී මෙසේ දියේ ගිලී මරුමුවට පත්ව තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙනවිත් තිබේ.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
664
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2332
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරලගංවිල පිඹුරත්තෑව ජලාශයේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මරුට