(අශෝක තිලකරත්න)
අඟුණකොළපෑලැස්ස කයිලවැල්පෝටාවේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එක් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක ජීවිතක්ෂයට පත්වී අනෙක් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කයිලවැල්පෝටාවේ පදිංචි හේවා ගීගනගේ මාලනී (43) නැමති අවිවාහක අයෙකි.
මෙම අනතුර ඊයේ(03) රාත්‍රියේදී ඇයගේ නිවස ඉදිරිපිට දීම සිදු වී ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඇය කුට්ටිගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.
මරණයට පත් වූ කාන්තාවගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද(04දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd