IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යතුරුපැදි අනතුරින් කතක් මරුට


(අශෝක  තිලකරත්න)
 
අඟුණකොළපෑලැස්ස කයිලවැල්පෝටාවේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එක් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක ජීවිතක්ෂයට පත්වී අනෙක් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි  පොලිසිය පවසයි.
 
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කයිලවැල්පෝටාවේ පදිංචි  හේවා ගීගනගේ මාලනී (43) නැමති  අවිවාහක අයෙකි.
 
මෙම අනතුර ඊයේ(03) රාත්‍රියේදී ඇයගේ නිවස ඉදිරිපිට දීම සිදු වී ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඇය කුට්ටිගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු  ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.
 
මරණයට පත් වූ  කාන්තාවගේ   මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද(04දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
 

 



අදහස් (0)

යතුරුපැදි අනතුරින් කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site