IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වෙනිවැල්ගැට කිලෝ 16ක් යතුරුපැදියෙන් ගෙනියද්දී අල්ලයි

 (ජේ.කේ.එල් චාමින්ද)
 

බලපත්‍රයක් නොමැතිව වෙනිවැල්ගැට කිලෝග්‍රැම් 16ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු හෝමදොළ ප්‍රදේශයේ දි ඊයේ පස්වරුවේ දි අත්අඩංගුවට ගෙන පසුව පොලීස් ඇපමත මුදාහැර ඇතැයි  උඩුගම පොලීසිය පවසයි.
 
යතුරුපැදියද පොලීස්භාරයට ගෙන ඇත. සැකකරු  අක්මිමන වංචාවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.
 
මොහු කාලයක් තිස්සේ මෙකි වෙනිවැල්ගැට ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත. සැකකාර පුද්ගලයා විසින් වෙනිවැල්ගැට උඩුගම ප්‍රදේශයේ රක්ෂිතයකින් කපාගෙන ගොස් ඇතිද යන්න පිළිබද පොලිසිය විමර්ශනයක් ආරම්භකොට ඇත.
 
සැකකරු බ්‍රහස්පතින්දා දින උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.



අදහස් (0)

වෙනිවැල්ගැට කිලෝ 16ක් යතුරුපැදියෙන් ගෙනියද්දී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site