IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයකු රුපියල් 8000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (10) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බලපත්‍ර ලබාගෙන කපන ලද කොස් ගස් තුනක් සහ තේක්ක ගතක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර හා අනෙකුත් ලියකියවිලි සකස් කර දීම සඳහා එක් ගසකට රුපියල් 2000 බැගින් මුදල් ඉල්ලා තිබු බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරිය පැවසුවාය.

බලපත්‍ර ඉල්ලුම් කරන ලද පුද්ගලයා ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුරකථන අංක 1954 කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර ග්‍රාම නිලධාරිවරයා එම මුදල එම ප්‍රදේශයේ විහාරස්ථානයක් අසලදී ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවාය.

අත්අඩංගුවට ගත් සැකකාර ග්‍රාම නිලධාරීවරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site